අපූර්වත්වය ෙසායා යන ගමනක්

උපාධිය නැමැති දෑවෑද්ද




වැහි දියෙන් ගෙපල නොතෙමන්නට
සවිය වු පොල් අතු පැලට
නිබදවම උදවි කළ ගේ ඉදිරිපිට වු කප් රුක
තිත්තම තිත්ත ඝන කලුවර
රැයවල් පහන් කරන්නට
මහා මෙර තරමි උසැති ඇස් ඉදිරිපිට වු පොත් කන්දරාවම පහන් සිතින් කියවන්නට දිරිය දුන්
මැටි පිලෙහි වු දුප්පත් පොල් තෙල් පහන
හිරිමල් යෞවනයෙන්
ගිනිබත් නොකර ගත් සරසවි ප‍්‍රාර්ථනාව
ඉංග‍්‍රීසිය නැමැති පාලමෙන් තරණය කර
ලබා ගත් පන්ති සාමාර්ථයෙන්
නුඹ නැමැති නිසා අද මම
දෙකන් පිරෙන්නට ඇසෙන මගුල් බෙර හඩ තුළින්
එදා සවිය වුනු කප්රුක් පුන් කලස් මතින්
දෑස් ඉදිරිපිට දැල්වුනු මැටි පහන
අද මටත් වඩා උසැති පොල් තෙල් පහනක් ලෙසින්
පතිනියක වි කුලගෙට යන්නෙමි
දෝතින් දරා ගත් උපාධිය නැමැති
දෑවැද්ද අරන්